General29 April 2026

ඉන්ධන පිරිමහන්න ජවිපෙ මැයි දින රැලිය දිස්ත්‍රික් මට්ටමින්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරිමැසීම අරමුණු කරගනිමින් මෙවර මැයි දින රැළි දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් මැයි රැළි 21ක් සංවිධානය කර ඇති බවයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසූවේ.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes