General29 April 2026

භාණ්ඩාගාර ලේකම් හෙට COPF කමිටුවට නොයෙන බව කියයි

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම හෙට (30) වැනිදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව එම කාරක සභාවට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව තහවුරු කරනවා.

මෙම හමුව හෙට දිනට නියමිතව තිබුණද, භාණ්ඩාගාර ලේකම්වරයා තමන්ට පැමිණිය නොහැකි බව මෙලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes