මිශ්‍ර වායු කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ නෞකාව සිය සංචාරය නිම කරමින් කොළඹ වරායෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
නෞකාව පිටත්වීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඊට සමුදීම සිදු කර තිබුණා.
සංචාරය අතරතුර, ‘INS NIREEKSHAK’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් සයිලේෂ් කුමාර් ත්‍යාගි (Sailesh Kumar Tyagi) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර අතර නිල හමුවක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
‘Diving Support Vessel’ වර්ගයට අයත් මෙම නෞකාව දිවයිනේ රැඳී සිටි කාලය තුළ, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක නිරත වී ඇතැයි ද නාවික හමුදාව සඳහන් කරනවා.
මෙම අභ්‍යාසය හරහා දෙරටේම නාවික කිමිදුම් අංශයන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, වෘත්තීය හැකියාවන් වර්ධනය කර ගැනීමටත් සුවිශේෂී අවස්ථාවක් හිමිවූ බවයි නාවික හමුදාව පැවසුවේ.
පසුගිය අප්‍රේල් 21 වන දින දිවයිනට පැමිණි මෙම නෞකාව දින අටක කාලයක් මෙරට රැඳී සිටිමින් දෙරටේ නාවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දායකවී තිබුණා.
Latest News
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
Local
29 April 2026
භාණ්ඩාගාර ලේකම් හෙට COPF කමිටුවට නොයෙන බව කියයි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
Local
29 April 2026
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
Local
29 April 2026
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
Local
29 April 2026