හැටන් පොලිස් වසමට අයත් ඩයගම - හැටන් බෝඩේස් මාර්ගයේ බඩල්ගල ප්‍රදේශයේදී මගී බස් රථයක් අඩි 35ක පමණ ප්‍රපාතයකට පෙරළී අදද (29) සවස සිදුවූ අනතුරින් පුද්ගලයන් 34 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම අනතුරින් එක් අයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
ඩයගම සිට හැටන් දෙසට ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය, ඩල්ගල ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබා දීමට උත්සාහ දරා තිබූ බවයි පොලිසිය පවසන්නේ.
එහිදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් රියදුරු ඇතුළු 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කෙරුණා.
රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී හැටන් ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
තුවාල ලබා රෝහල් ගත කළ පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙක්, කාන්තාවන් 14 දෙනෙක් සහ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 04ක ගැහැණු දරුවෙක් සිටින බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූවන් අතරින් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
Latest News
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
Local
29 April 2026
භාණ්ඩාගාර ලේකම් හෙට COPF කමිටුවට නොයෙන බව කියයි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
Local
29 April 2026
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
Local
29 April 2026
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
Local
29 April 2026