මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වාට බලය ඇතැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් පවසනවා.
නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ පිළිබඳව පවසා සිටිනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා තිබුණත් ඔහු එය ලිඛිත දැනුම්දීමක් මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේ දී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ බවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝණය කරන්නේ නම්, ඒ පිළිබඳව දඩුවම් ලබාදීමට ප්‍රතිපාදන සපයා ඇත්තේ 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ බවයි රංජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ.
ඒ අනුව, මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට සභාපතිවරයාට බලය ඇති අතර, එසේ කැඳවීමකට නොපැමිණෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර හා දඩුවම් බලතල හා වරප්‍රසාද පනතේ 'ආ කොටස ' 1, 2, 3 උපලේඛනයේ ආ කොටසේ වගන්ති යටතේ දක්වා ඇති බවයි ඔහු පවසන්නේ.
එම වරද වලට පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඩුවම් කළ යුතු වරදක් බව පවසන හිටපු ආණ්ඩුකාරවරයා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවුරුදු දෙකක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම යටත් කළ හැකි බවයි පවසා සිටියේ.
ඒ අනුව, හර්ෂ ද සිල්වා සභාපතිවරයා ලෙස මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී ඇති ඕනෑම අයෙකු එදිනට නොපැමිණෙන්නේ නම් ඔවුන්ට 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලපත හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සිය මුදල් ලේකම්වරයා මුදල් කමිටුවට සහභාගි නොකිරීමට තීරණය කිරීමෙන් ආණ්ඩුව දුෂණය, වංචාව, අක්‍රමිකතා විරෝධයේ 'සුජාත භාවය අහිමි කර ගන්නා බවත් , ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර, පාර්ලිමේන්තු කමිටු සතු බලය හෑල්ලුවට ලක් කර නොමැති බවයි හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ.
මුදල් කමිටුව පැමිණීමට දැනුම් දී තිබිය දී යම් අයෙකු නොපැමිණෙන්නේ නම්, කමිටු සභාපතිවරයා තවදුරටත් එම කමිටු සභාපති ධූරය දැරීම/ඉල්ලා අස්වීම හෝ දඬුවම් කිරීම යන තෝරා ගැනීම් දෙකෙන් එකක් සිදු කර පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානය රැකගත යුතුව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Latest News
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
30 April 2026
ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
''පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය'' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
30 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය - ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ වෙයි? සිතියමක් සමාජ මාධ්‍ය කළඹයි
Local
30 April 2026
ලෝක බොරතෙල් මිල යළි ඩොලර් 100 ඉක්මවයි
Local
30 April 2026
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
30 April 2026
සියයට 95ක ගාස්තු වැඩි නොවන බව උපයෝගීතා කොමිසම කියයි
Local
30 April 2026
ඉරානය සහ අමෙරිකාව යළිත් යුද්ධයකට: ටෙහෙරාන් මහාචාර්යවරයෙකුගෙන් හෙළිදරව්වක්
Local
29 April 2026
ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ
Local
29 April 2026
මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026