General30 April 2026

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් ඉහළට

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය වෙත එල්ල කරන ලද නවතම තර්ජන සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික අවහිර කිරීම් දිගටම පවත්වාගෙන යන බවට කළ ඉඟියත් සමඟ ගෝලීය බොර තෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද (අප්‍රේල් 30) වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර එහි ප්‍රධාන දර්ශක දෙකම ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

බ්‍රෙන්ට් (Brent) බොරතෙල්: මිල 1.73%කින් ඉහළ ගොස් ඇති අතර, දැන් එහි බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120ක් ලෙස සටහන් වෙනවා.

WTI (West Texas Intermediate) බොරතෙල්: මිල 0.62%ක වර්ධනයක් පෙන්වමින් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes