General30 April 2026

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් ඉහළට

ගෝලීය දේශපාලන නොසන්සුන්තාව සහ සැපයුම් මාර්ග අවහිර වීම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව Brent බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 126ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

WTI බොරතෙල් මිල බැරලයකට ඇමෙරිකානු ඩොලර් 109.82ක් ලෙස සටහන් වේ.

මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවත්වාගෙන යන නාවික අවහිර කිරීම් පිළිබඳ කළ අනතුරු ඇඟවීම්.

ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගලා එන මෙම කලාපයේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළද මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes