General30 April 2026

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව මැයි 26 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුවල තීන්දු අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

ඒත් විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා සිදු කරන බවයි.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes