General30 April 2026

පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම බැංකුවේ සහකාර කලමනාකරු ඇතුලු සැකකරුවන් සිව්දෙනා ලබන 14 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (30) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාලව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් සිව් දෙනාගෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශ ලබා ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව විමර්ශන කටයුතු කඩිනම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes