හෙටට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දිවයින පුරා රැලි සහ මැයි දින පෙළපාලි සංවිධාන කර තිබෙනවා.
ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි.
කොළඹ නගරය මෙන්ම දිවයින පුරා ප්‍රදේශ කිහිපයකදී දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති විසින් මැයි දින සැමරුම්, පෙළපාලි සහ රැලි පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම රැලි පැවැත්වෙන්නේ ජන රජයට ජන බලයක් තේමාවෙන්.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙන්ම හෙට පස්වරුවේ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදීද ජාතික ජන බලවේගයේ මැයි දින රැලි පැවැත්වීමට නියමිතයි.
පච මදිවට හොරු යන්න තේමා කරගත් සමගි ජන බලවේගයේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනයේදී.
සමගි ජන බලවේගයේ මැදි දින රැළිය හෙට පස්වරු 2ට ආරම්භවීමට නියමිතයි.
එහි සූදානම පිළිබඳ සොයා බැලිම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද පෙරවරුවේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනයට පැමිණියා.
දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක් තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය මෙවර පැවත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී.
රැලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන නියෝජිතයින් ඇතුළු පාක්ෂියින් එක්විමටද නියමිතයි.
දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව යන්න තේමා කර ගත් සර්ව ජන බලය මෙවර මැයි දින රැලිය සංවිධානය කර ඇත්තේ කොළඹ 5 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදීයි.
සර්වජන බලය මැයි දින රැළිය හෙට උදෑසන 10ට ආරම්භවීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි දින රැළියක් පවත්වන්නේ නැහැ.
මෙවර ඔවුන්ගේ මැයි දිනය ආගමික වතාවත් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
හෙට පෙරවරු 8ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දැක් වීමෙන් අනතුරුව සියලුම ආසනවල ආගමික වතාවත් සිදු කිරීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කර ඇත්තේ.
පසුව කැළණිය රජමහා විහාරස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමටද නියමිතයි.
මේ අතර අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක් යන තේමා වෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය මෙවර මරදාන හයිඩ් පිටියේදී පැවැත්වෙනවා
ආර්ථික ස්වෛරීත්වය වෙනුවෙන් ජන බලයක් ගොඩනගමු මැයෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින රැළිය බොරැල්ල පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර හෙට කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මහරගම පැවැත්වෙන ජාතික ජනබලවේගයේ මැයි රැලිය හේතුවෙන් කොළඹට ඇතුළු වීමේදී හෝමාගම දෙසින් පැමිණෙන සියළු රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර කොහුවල හරහා කොළඹ දෙසට පැමිණිය හැකියි.
හෝමාගම දෙසින් පැමිණෙන බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර රාජගිරිය හරහා කොළඹට පැමිණිය හැකියි.
යම් අවස්ථාවකදී රථවාහන තදබය අධික වුවහොත් පනාගොඩ හන්දියෙන් කොළඹ හයිලෙවල් මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට හැකියාවක් නොමැති බවත් එම රථවාහනවලට ලෝ ලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.
එසේම කොළඹින් පිටවීමේදී බොරැල්ල සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙනන රථවාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී රත්නපිටිය හන්දිය, බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතු වනවා.
කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතුයි.

Latest News
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදයට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026
මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි
Local
30 April 2026