General30 April 2026

මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව යළි විවෘතයි: අක්කර 40,000ක යල කන්නයේ වගා කටයුතු ඇරඹෙයි

මෑතකදී ඇති වූ දිට්වා ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, යල කන්නය සඳහා ජලය මුදා හැරීම අද (30) දින සිදු කෙරුණා.

ඒ අනුව, මාවිල්ආරු ජලාශය මගින් අල්ල ගොවි ජනපද ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 40,000කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය කෙරෙන අතර, සේරුවිල, වෙරුගල් සහ මූතූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි පවුල් 10,000කගේ පමණ කෘෂිකාර්මික අවශ්‍යතා මින් සපුරා ගැනෙනවා.

පසුගිය ගංවතුරෙන් ජලාශයේ බැම්ම සහ සොරොව්ව මුළුමනින්ම පාහේ විනාශ වී තිබූ අතර, යල කන්නය ආරම්භ වීමට ප්‍රථම ප්‍රධාන සොරොව්වේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට වාරිමාර්ග නිලධාරීන් පියවර ගනු ලැබුවා.

ජලාශයේ සෙසු ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතින අතර, අද දින ජලය මුදා හැරීමත් සමඟ අල්ල ව්‍යාපාරයේ ගොවීන්ට සිය වගා කටයුතු බාධාවකින් තොරව ආරම්භ කිරීමට අවස්ථාව හිමිවුණා.
Related recommendation
Hiru TV News | Programmes