General01 May 2026

ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් පහළට

2026 වසරේ අප්‍රේල් මාසය අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%ක අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව සඳහන් කරන පරිදි, මෙම වසරේ පෙබරවාරි අග භාගයේදී මැදපෙරදිග කලාපයේ ආරම්භ වූ යුදමය ගැටුම් හේතුවෙන් ඇති වූ බාහිර අංශයේ දැඩි පීඩනය, රුපියලේ අගය මෙලෙස පහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය සටහන් වන්නේ,

ගැනුම් මිල: රු. 315.87

විකුණුම් මිල: රු. 323.80

නිරූපිත එතැන් විනිමය අනුපාතිකය: රු. 319.34ක් ලෙසයි.

2026 මාර්තු මස අවසානය වන විට, චීන මහජන බැංකුව සමඟ ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, මෙරට දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.0ක් ලෙස පැවති බව මහ බැංකුව වාර්තා කරනවා.

කෙසේ වෙතත්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම් සිදු කළ ද, එම මාසය තුළ විදේශ ණය සේවාකරණ ගෙවීම් (Debt Servicing) සිදු කිරීමට සිදු වීම හේතුවෙන් දළ නිල සංචිතවල යම් පහළ යාමක් දක්නට ලැබෙන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes