General01 July 2026

නව නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (01) ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමු වුණා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.

නව නාවික හමුදාපති ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ආරක්‍ෂක ලේකම්වරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාවද මෙයයි.

නව නාවික හමුදාපතිවරයා පිළිගත් ආරක්‍ෂක ලේකම්වරයා, එතුමාගේ නව පත්වීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනැමුවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සම්ප්‍රදායන් තවදුරටත් ඉදිරියට ගෙනයමින්, උසස් වෘත්තීය භාවය, කැපවීම සහ උපාය මාර්ගික දැක්මකින් යුතුව නාවික හමුදාව මෙහෙයවීමට නව නාවික හමුදාපතිවරයාට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා දැඩි විශ්වාසය පලකළා.
Related recommendation
Hiru TV News | Programmes