General02 May 2026

සියලු ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මිල සංශෝධනය 2026 මැයි මස 02 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බව සංස්ථාව නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන්.

සංශෝධිත මිල ගණන් අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන සියලුම නිෂ්පාදනවල මිල ඉහළ ගොස් ඇති අතර, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 410.00ක්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් රුපියල් 470.00ක්, ලංකා සුදු ඩීසල් රුපියල් 392.00ක්, ලංකා සුපිරි ඩීසල් රුපියල් 458.00ක් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 265.00ක් දක්වා මිල ඉහළ දමා තිබෙනවා.

මෙම මිල සංශෝධනය දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ පිරවුම්හල් සඳහා අදාළ වන බවත් එම නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes