General03 May 2026

සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට

චීනය, මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය ඇතුළු රටවල් 9කට අයත් විදේශිකයන් 120 දෙනෙකු රාජගිරිය, මැදවැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සහ සයිබර් අපරාධවලට සම්බන්ධ බවට ඇති සැකය මතයි.

එහිදී රුපියල් මිලියන 100කට වඩා වටිනා පරිගණක සහ උපකරණ ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes