කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහන උපයෝගී කරගනිමින් මහනුවර සහ තදාසන්න ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ප්‍රධාන සැකකරුවෙකු වෑන් රථයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුගස්තොට, රණවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 11,130 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,040 ක් සහ මත්කරල් 150 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මීට අමතරව ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන 04 ක් සහ මත්ද්‍රව්‍ය කිරුම් බර මැනීමට යොදාගත් ඩිජිටල් තරාදියක් ද සොයාගත් බවයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු රණවන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙක්.
මොහු කොළඹ ප්‍රදේශයේ සිට ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර, මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාන කරා බෙදාහැරීමේ නිරතව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී රාජපක්ෂගේ අධීක්ෂණය හා උපදෙස් මත දුෂණ මර්දන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුඹුරේගම, උප පොලිස් පරීක්ෂක විජේසිංහ, පොලිස් සැරයන් (8717) ලක්මාල්, කාන්තා පොලිස් සැරයන් (2050) සමන්ති, පොලිස් කොස්තාපල් (81271) වටදෙණිය යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Latest News
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
Local
03 May 2026
විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් ලක්ෂ ගණනක අල්ලසක් ගත්තැයි ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්
Local
03 May 2026
මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට
Local
03 May 2026
“ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට ජනතා පෙරමුණ පාරට බසී
Local
03 May 2026
සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු
Local
03 May 2026
ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ 1000ක් හයිටි සාම සාධක සේවයට
Local
03 May 2026
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
Local
03 May 2026
දිල්ලියේ නිවාස සංකිීර්ණයක ගින්නක් : 09 දෙනෙකු ජීවිතක්ෂයට
Local
03 May 2026
අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය
Local
03 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි මාසයේදී
Local
03 May 2026