General03 May 2026

මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි - ෆ්‍රී ලෝයර්ස්

ප්‍රශ්නගත මහා භාණ්ඩාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මැයි දිනයේදී ජනාධිපතිවරයා විසින් කිසිවක් ප්‍රකාශ නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, හැටන්හිදී අද (03) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත් වීමේ සිද්ධිය පිළිබඳ පළමු වරට කරුණු අනාවරණ වූයේ පසුගිය සතියේදීයි.

මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර පසුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගැනුණා.

එම වැඩ තහනම් වූ නිලධාරින් අතරට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ රංග නිශාන්තගේ ද වැඩ තහනම් කෙරුණා.

එමෙන්ම ඔහු තම නිවසේ ගෙවත්තේ සැක කටයුතු ලෙස මිය ගොස් සිටියදී පසුගිය 30 වැනිදායි සොයා ගනු ලැබුවේ.

ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ද දක්නට ලැබුණු අතර මූලික විමර්ශනවලදී සැක කෙරුණේ ඔහුගේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.
Related recommendation
Hiru TV News | Programmes