International03 May 2026

අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය

ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කර ගැනීමට වොෂින්ටනය ගත් තීරණය පුදුමයට කරුණක් නොවන බව ජර්මනියේ ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් පවසනවා.

එමෙන්ම එය සිය රට කලින්ම අපේක්ෂා කළ තත්ත්වයක් බවද ඔහු ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් නේටෝ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ මෙම තීරණය පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම් බලාපොරොත්තු වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes