General03 May 2026

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන්.

මෙහිදී තුවාල ලැබූ එක් රැඳවියෙකු ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම රැඳවියන් දෙදෙනා පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී එය ව්‍යර්ථ කිරීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුවි ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes