යාපනය පොලිස් වසමට අයත් ගුරුනගර් ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු කළ පහරදීමකින් 36 හැවිරිදි පුද්ගලයකු ඊයේ (03) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු එක්ව ගුරුනගර් ප්‍රදේශයේදී මත්පැන් පානය කරමින් සිට ඇති බවත්, එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ හදිසි බහින්බස් වීමකින් පසු මෙම ඝාතනනය සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
එක් මිතුරෙකු අනෙක් මිතුරාට මත්පැන් බෝතලයකින් පහර දී ඇති බවත් එහිදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්, ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන 42 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (04) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
යාපනය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා.
Latest News
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026
බලපත්‍ර රහිතව මැණික් ගැරූ හත් දෙනෙක් උපකරණ සමඟ කොටු
Local
04 May 2026
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්ෂා කරයි
Local
04 May 2026
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණ ගනී
Local
04 May 2026
සංවිධානාත්මක අපරාධයකට සැරසුණු තිදෙනෙක් විදෙස් පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ දැලේ
Local
04 May 2026