මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකු බවට සමාජය තුළ මතුව ඇති සැකය දුරු කිරීම සඳහා කරුණු පහකින් යුත් විවෘත ප්‍රශ්නාවලියක් 'දිනන දකුණ' සාමූහිකය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
අද (04) දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මඟින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙය හුදෙක් දේශපාලන චෝදනාවක් නොව රටේ මූලික නීතිය සහ රාජ්‍ය නිලධාරියෙකුගේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් බවයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව, ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකුට පවතින නීතිමය බාධාවන් පෙන්වා දෙන 'දිනන දකුණ' සාමූහිකය, මුදල් ලේකම්වරයාට එරෙහිව පවතින්නේ බරපතල විෂමාචාර චෝදනාවක් විය හැකි බව පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක රටට පොරොන්දු වූ පාරදෘශ්‍ය පාලනය තහවුරු කිරීමට නම් මෙම ප්‍රශ්නවලට සාක්ෂි සහිත පිළිතුරු ලබා දීම ලේකම්වරයාගේ වගකීමක් බව ද එම ලිපියේ සඳහන් වෙනවා.
'දිනන දකුණ' සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක, නායකත්ව මණ්ඩල සාමාජික නදීෂ ද සිල්වා, නායකත්ව මණ්ඩල සාමාජික ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න යන අයගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියෙහි අන්තර්ගත ප්‍රශ්න මෙසේ දැක්වෙනවා.
• ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් නිශ්චිත දිනය කවදාද?
• පුරවැසිභාවය ඉවත් කර ගැනීම: ඔබ එම පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ නම්, එය සිදුකළ නිශ්චිත දිනය කවදාද?
• ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් දිනය කවදාද?
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන විට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේද? නොඑසේ නම් ඒ සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේද?
• සමාජය තුළ සංසරණය වන 2010-02-03 දිනැති අංක C19090060828 දරන තොරතුර ඔබගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ සත්‍ය අංකයක්ද? නැතහොත් එය සමාජය නොමග යැවීමට සංසරණය වන්නක්ද?
මෙම ප්‍රශ්නාවලියට අදාළ ලිපි ලේඛන හා සාක්ෂි කඩිනමින් රටට හෙළිදරව් කරන ලෙස 'දිනන දකුණ' සාමූහිකය මුදල් ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
Latest News
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026
බලපත්‍ර රහිතව මැණික් ගැරූ හත් දෙනෙක් උපකරණ සමඟ කොටු
Local
04 May 2026
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්ෂා කරයි
Local
04 May 2026
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණ ගනී
Local
04 May 2026
සංවිධානාත්මක අපරාධයකට සැරසුණු තිදෙනෙක් විදෙස් පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ දැලේ
Local
04 May 2026