මුදල් අමාත්යාංශය විසින් ප්රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (VAT) පනත සංශෝධනය කිරීමේ නව කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සිය දැඩි විවේචනය එල්ල කර තිබෙනවා.
සිය 'X' (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ රජය ගෙන එන මෙම නව බදු සංශෝධන හරහා මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ව්යාපාර දැඩි අර්බුදයකට ලක්වන බවයි.
ජූලි 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි වැට් බදු දැල පුළුල් කිරීමටත්, බදු අනුපාත ඉහළ නැංවීමටත් රජය ගෙන ඇති තීරණය විපක්ෂ නායකවරයා මෙහිදී ප්රශ්න කර සිටිනවා.
විශේෂයෙන්ම මෙතෙක් යම් සහනයක් භුක්ති විඳි සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර (SMEs) මෙවර බදු දැලට හසුකර ගැනීම හේතුවෙන් එම ව්යාපාරවල පැවැත්ම තර්ජනයට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙන්නේ.
මීට අමතරව මූල්ය සේවා සහ නැගී එන ඩිජිටල් ආර්ථිකය ද මෙම නව බදු සංශෝධන හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති බව විපක්ෂනායකවරයා පවසනවා.
රජයේ මෙම ක්රියාවලිය ව්යුහාත්මක ප්රතිසංස්කරණයක් ලෙස හැඳින්විය නොහැකි බවත්, එය හුදෙක් ජනතාව සහ ව්යාපාරිකයන් "මිරිකා ගැනීමක්" පමණක් බවත් විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.
බදු අනුකූලතාවය සඳහා වැය වන පිරිවැය සහ බර වැඩි කිරීම මඟින් ව්යාපාර කටයුතු තවදුරටත් අඩාල වන බව ඔහුගේ අදහසයි.
"බදු මඟින් පමණක් ආර්ථිකයක් වර්ධනය කරා ගෙන යා නොහැකියි. ව්යාපාරවලට හුස්ම ගැනීමට ඉඩක් නැතිනම්, ඒවාට නොනැසී පැවතීමට හෝ දියුණු වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ," යනුවෙන් ඔහු සිය සටහනේ සඳහන් කර තිබෙනවා.
ව්යාපාර බිඳ වැටුණහොත් රජයට බදු අය කර ගැනීමට කිසිවක් ඉතිරි නොවන බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, පවතින ආර්ථික පසුබිම තුළ ව්යාපාර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.
ව්යාපාරිකයන් තවදුරටත් පීඩාවට පත් කිරීමෙන් රටේ සමස්ත ආර්ථික වර්ධනය අඩාල වන බවත්, රජය මෙවැනි තීරණ ගැනීමේදී මීට වඩා ප්රායෝගික විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Latest News
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්රොජෙක්ට් ෆ්රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026
බලපත්ර රහිතව මැණික් ගැරූ හත් දෙනෙක් උපකරණ සමඟ කොටු
Local
04 May 2026
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක යන්ත්ර සහ විද්යූත් උපකරණත් පරීක්ෂා කරයි
Local
04 May 2026
තමිල්නාඩු ප්රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණ ගනී
Local
04 May 2026
සංවිධානාත්මක අපරාධයකට සැරසුණු තිදෙනෙක් විදෙස් පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ දැලේ
Local
04 May 2026