General04 May 2026

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි වියට්නාම සහ චීන ජාතිකයින් පිරිසක් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස හසු වී තිබෙනවා.

හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම ජාතිකයින් 48 දෙනෙකු සහ චීන ජාතිකයින් දෙදෙනෙකු සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes