General04 May 2026

අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

තම නාවික හමුදා නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බව ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිල වශයෙන් නිවේදනය කරනවා.

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් කිසිදු නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ඔවුන් අවධාරණය කරන්නේ.

ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් පනවා ඇති නාවික අවහිර කිරීම් තවදුරටත් දැඩිව බලාත්මක කරන බව ද මධ්‍යම විධානය සඳහන් කර සිටියා.

එමෙන්ම, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන "Project Freedom" (නිදහස ව්‍යාපෘතිය) සඳහා තම හමුදාවන් අඛණ්ඩව දායකත්වය ලබා දෙන බවයි ඇමරිකාව වැඩිදුරටත් දන්වා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes