General05 May 2026

රේගු නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් එස්. කේ. ලියනගම පත් කෙරේ

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන විමල් එස්. කේ. ලියනගමගේ පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. අරුක්ගොඩගේ සේවා කාලය අද දිනෙන් (05) අවසන් වීමට නියමිතයි.

ඒ අනුව ඇති වන පුරප්පාඩුව සඳහා දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලියනගම පත් කිරීමට තීරණය කර තිබෙනවා.




Related recommendation
Hiru TV News | Programmes