ධවල මන්දිරයට ලිපියක් යොමු කරමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් 74 දෙනෙකු, චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට ඇමරිකානු වෙළඳපොළට පිවිසීමට ඇති අවස්ථාව අවහිර කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම මන්ත්‍රීවරුන් පවසන්නේ ඇමරිකානු සේවකයින්ට සහ ව්‍යාපාරවලට, නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙන්ම ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන පිළිබඳව තමන් දැඩි අවධානයක් යොමු කරන බවයි.
මැයි මැද භාගයේදී බීජිං නුවරදී චීන නායක ෂී ජින්පිං සමඟ පැවැත්වීමට නියමිත ට්‍රම්ප්ගේ හමුවට පෙර මෙම උත්සාහය දියත් කර තිබෙනවා.
ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන පරිදි, චීන මෝටර් රථ නිෂ්පාදකයින් එක්සත් ජනපදය ඇතුළු උතුරු ඇමරිකානු වෙළඳපොළ ඉලක්ක කර ගන්නා බවට ලැබෙන වාර්තා හමුවේ ඔවුන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
"චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත ඔබගේ ඉදිරි සමුළුව සඳහා ඔබ සූදානම් වන විට, චීන මෝටර් රථ සඳහා පවතින බාධක ලිහිල් කිරීමට හෝ ඔවුන්ට එක්සත් ජනපද වෙළඳපොළට ඇතුළු වීමට පහසුකම් සැලසීමට ගන්නා ඕනෑම උත්සාහයක් ඇමරිකානු නිෂ්පාදන ක්ෂේත්‍රයට, සේවකයින්ට සහ ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් වනු ඇත. මෙය ස්ථිර සහ කිසිසේත් සාකච්ඡා කළ නොහැකි ප්‍රමුඛතාවයක් ලෙස පැවතිය යුතුය," යනුවෙන් මන්ත්‍රීවරු එම ලිපියෙන් පවසා තිබෙනවා.
මෙම ලිපිය යොමු කර ඇත්තේ, ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයින් නියෝජනය කරන වෙළඳ සංගම් විසින් චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට එක්සත් ජනපදය තුළ වාහන අලෙවි කිරීම තහනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ලිපියක් යොමු කර මාස එකහමාරකට පමණ පසුවයි.
එම ලිපිය මගින් ඔවුන් මෙරට කර්මාන්තශාලා ඉදිකිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා තිබෙනවා.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් එවන ලද මෙම නව ලිපියෙන් මන්ත්‍රීවරුන් අවධාරණය කළේ, ඇමරිකානු මෝටර් රථ කර්මාන්තය එරට ආර්ථිකයේ මුල්ගලක් වන අතර, එමගින් දළ වශයෙන් රැකියා මිලියන 10කට පමණ සහයෝගය ලැබෙන බවයි.
චීන මෝටර් රථ නිෂ්පාදකයින් අධික රජයේ සහනාධාර සහ සූරාකෑමේ ශ්‍රම තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබන අතර, එමගින් ගෝලීය තරඟකාරිත්වය විකෘති වන අතර ඇමරිකානු සමාගම් සහ සේවකයින් අවාසිදායක තත්ත්වයකට පත් කෙරෙන බවටද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා

Latest News
''ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකියි'' - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
05 May 2026
චීන මෝටර් රථ එපා - අමෙරිකානු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ට්‍රම්ප්ට ලිපියක්
Local
05 May 2026
විදෙස් ජාතිකයන්ට නිවෙස් කුලියට දෙන පුද්ගලයින්ට පොලිසියෙන් දැනුම්දීමක්
Local
05 May 2026
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026
ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ - අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
Local
05 May 2026
ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක
Local
05 May 2026