General06 May 2026

අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා: කෝටි 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ‘Free Lawyers’ හෙළිකරයි

‘අස්වැසුම’ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් විශාල සංඛ්‍යාවකට පසුගිය අප්‍රේල් මාසය සඳහා හිමිවිය යුතු දීමනාව දෙවරක් ගෙවා ඇති බව ‘Free Lawyers’ සංවිධානය සඳහන් කරනවා.

එසේම තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස ලබාදුන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගිණුම්වලට බැර කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ, මේ හරහා රුපියල් ලක්ෂ 5000කට (කෝටි 50) ආසන්න මුදලක් අතිරේකව ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

ඒ අනුව, අප්‍රේල් මාසයේදී අස්වැසුම ප්‍රතිලාභ ලැබිය යුතු පවුල් දාහත් ලක්ෂ තිස් තුන් දහසකට ආසන්න පිරිසකටයි මෙසේ අතිරේක මුදල් බැරවී ඇත්තේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ රජයේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස එම සංවිධානය කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

එම ලිපිය මෙතැනින්,
Related recommendation
Hiru TV News | Programmes