General06 May 2026

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 5kg ගෑස් සිලින්ඩරයක් රු:220.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 2500ක් ලෙසයි.

එමෙන්ම 12.5kg ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රු:545කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 6245.00ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes