General07 May 2026

ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි

මෙරට ජන සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ අසහාය සංගීතවේදියෙකු වූ රෝහණ බැද්දගේ ශූරීන්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එතුමන්ගේ නිවසට ගොස් තිබෙනවා.

රෝහණ බැද්දගේ ශූරීන්ගේ සමඟ සුහද කතාබහක නිරත වූ නාමල් රාජපක්ෂ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාවේදී රෝහණ බැද්දගේ ශූරීන් විසින් කවියට නගන ලද "ධම්මපද ගාථා කාව්‍ය" ග්‍රන්ථය නාමල් රාජපක්ෂ වෙත පිළිගැන්වීම ද සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් වර්ණ කුමාර, සංජීව එදිරිමාන්න, හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිලීප් වීරක්කොඩි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes