ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩුව විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) මෝසමකින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේදීයි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් ඇප නියම කෙරුණේ පෙරේදා (05) දිනයේදීයි.
සැකකරු ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී 1997 අංක 30 දරන ඇප පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර, ඔහු නොදන්නා ඇපකරුවන් දෙදෙනකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඊයේ (06) දිනයේදීයි.
ඒ අනුව, සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන්, රුපියල් මිලියන සියයක ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා නියෝග කර තිබුණේ ඊයේ (06) දිනයේදීයි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙක්.
අධිකරණය විසින් සැකකාර කපිල චන්ද්‍රසේනට නියම කර තිබූ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප තුනක ඇපකරුවන් දෙදෙනකු ලෙස මොවුන් ඉදිරිපත් වී සිටියා.
කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරුවන් කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් හෝ හඳුනාගැනීමක් නොමැතිව, රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවයි.
දේවා සහ තිස්ස නමැති පුද්ගලයින් දෙදෙනෙකු කළ ඉල්ලීමක් මත තමන් මෙම මුදල ලබාගත් බව සැකකරුවන් පාපොච්චාරණය කළ බව කෙසෛල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව, මෙම සැකකරු ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් අද (07) අල්ලස් කොමිසම සිය මෝසම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
Latest News
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026
වීසා නොමැතිව රැඳී සිටි 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක STF දැලේ
Local
07 May 2026
සයිබර් වංචා මෙහෙය වූ බවට සැක කෙරෙන චීන සහ වියට්නාම ජාතිකයන් 30ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026