General07 May 2026

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි

තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට කුරුණෑගල මහ නගර සභවේ නාගරික ලේකම්වරයාට යොමු කළ ලිපිය මාධ්‍යයට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව එම නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර ප්‍රශ්න කරනවා.

මොහු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට සදහන් ලිපිය මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.

මහනගර සභාවේ මාසික රැස්වීම අද (07) පැවති අවස්ථාවේදී මොහු මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණා.

පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට කුරුණෑගල මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 22න් 10ක් හිමිි වුණා.

කෙසේ වෙතත් මහානගර සභාවේ මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් සියයට 50ක බහුතර බලය හිමි කරගැනීමට එම පක්ෂයට හැකි වූයේ නැහැ.

ඒ අනුව නගරාධිපති පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වූ අතර එම ඡන්දයෙන් ජාතික ජනබලවේගයට එහි බලය පිහිටුවනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes