General07 May 2026

ගල් අඟුරු වංචා පැමිණිල්ලක් සමඟ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කරළියේ 2009 සිද්ධියක් හොයාගෙන කොමිසමට ඇවිත්!

2009 වසරේ ගල් අඟුරු ආනයන ප්‍රසම්පාදනයේදී නීති උල්ලංඝනය කරමින් බරපතල වංචාවක් සිදු කර ඇති බවට ගල් අඟුරු වංචා සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (07) පැමිණිල්ලක් ගොනු කෙරුණා.

අදාළ ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පළමු පැමිණිල්ල එය වන අතර එය ගොනු කර තිබුණේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර විසින්.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කළ ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමග ඒ සම්බන්ධයෙන් රට තුළ දැඩි ආන්දෝලනයක් මතුවුණා

2025 - 2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවකින් ද හෙළි වූයේ.

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇත්තේ ලංසු කැඳවන දිනය වන විට නියමිත පරිදි ලියාපදිංචිය තහවුරු කර නොගත් සමාගමකට බවයි.

එමෙන්ම මිල දී ගන්නා ලද ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත ප්‍රමිතියෙන් යුක්ත ද යන්න පරීක්ෂා කිරීම සඳහා පවරා ඇත්තේ ද 2025 දෙසැම්බර් 29 වැනිදා වනවිට බලපත්‍රය අවලංගු වූ සමාගමකට බව විගණන වාර්තාවෙන් හෙළි වුණා.

එවන් පසුබිමක මෙරට ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වැනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළා.

අලුත්කඩේ අධිකරණ සංකීරණයේ පිහිටා ඇති එම පූර්ණ බලැති ජනාධිපති කොමිසම වෙත ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර අද පැමිණිල්ලක් ගොනු කළේ 2009 වසරේ ගල් අඟුරු ආනයනයේදී සිදු වූ වංචාවක් සම්බන්ධයෙන්.
Related recommendation
Hiru TV News | Programmes