ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කිරීම අරමුණු කරගනිමින්, කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර විශේෂ ව්‍යාපාරික හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම හමුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එයට කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මුහම්මද් රසා මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
මීට අමතරව, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) වැඩබලන මහලේකම් සහ සාර්ක් (SAARC) වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලාන් එම්. විජේසූරිය මහතා මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නියෝජිත පිරිස පිළිගනිමින් අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, දෙරට අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය සහ වර්ධනය වන ආර්ථික හවුල්කාරිත්වය අවධාරණය කළේය. 2005 වසරේදී අත්සන් කරන ලද ශ්‍රී ලංකා–පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳවද ඔහු සිහිපත් කළ අතර, එය පකිස්ථානය අත්සන් කළ ප්‍රථම ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම වීම විශේෂත්වයක් බව සඳහන් කළේය.
මෙහිදී පුද්ගලික අංශයේ සහයෝගීතාව ඉහළ නැංවීම, වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම සහ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් රාමුව උපරිම ලෙස භාවිතා කරමින් ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු විය.
දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශ්වාසය පළ කරමින් මෙම හමුව සාර්ථකව අවසන් විය.
Latest News
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ඉදිරි පැය 36 දී පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
අස්වැසුම, ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පිළිගනී
ශ්‍රී ලංකා–පකිස්ථාන ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 139කින් සම්මත වෙයි
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 258.09කින් ඉහළට