International08 May 2026

ඉරානයේ තීරණය එනතෙක් ඇමරිකාව බලා සිටී: රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළ ඉරානයේ ප්‍රතිචාරය අද (08) දිනයේ ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ප්‍රකාශ කරනවා.

ඉතාලියේ රෝම නුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, "ඉරානයේ ප්‍රතිචාරය කුමක්දැයි අප බලා සිටිනවා. අපගේ බලාපොරොත්තුව වන්නේ එමගින් බැරෑරුම් සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි," යනුවෙන්.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමරිකාව ඉදිරිපත් කළ මෙම යෝජනා සම්බන්ධයෙන් ටෙහෙරානය (ඉරානය) තවමත් සිය අවසන් තීරණය පිළිබඳව තීරණය කරමින් සිටින බවයි.
Related recommendation
Hiru TV News | Programmes