හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ බැංකු ගිණුම් 5ක් සම්බන්ධයෙන් සවිස්තර විස්තර වර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට දින 14ක් තුළ ලබා දෙන ලෙස රාජ්‍ය බැංකුවක් ඇතුලු පෞද්ගලික බැංකු පහක කලමනාකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග නිකුත් කළා.
මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව විමර්ශනයක් ආරම්භ ඇති බවත් ඒ හේතුවෙන් බැංකු ගිණුම් වර්තා කැඳවිය යුතු බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ දැන්වූ අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපතිවරයා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව එහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.
2011,2013,2015 සහ 2022 යන වර්ෂවලට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
නීති විරෝධී වත්කම් කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු දැක්වීමක් සිදුකරමින් අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාල සැකකරුගේ බැංකු ගිණුම් 5ක් පිළිබඳව විමර්ශනය කිරීමට තිබෙන බැවින් නියෝග ලබා දෙන බවයි.

Latest News
පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ්
Local
30 June 2026
රුපියල පුංචි හුස්මක් ගනී - ඩොලරය අද රු. 341.30ට බහී: 26 වැනිදා රු. 341.87ක්
Local
30 June 2026
පිලිපීන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් චීනයට වාග් ප්‍රහාරයක්
Local
30 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 6ක් මරුට
Local
30 June 2026
සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වූ හෝමාගම මහින්දයට විදුහල්පතිවරයෙකු නෑ: නියෝජ්‍ය විදුහල්පතිවරු 4කගේ හා ගුරු පුරප්පාඩුත් 30ක්
Local
30 June 2026
අමෙරිකාවේ තෙල් සංචිත 1983න් පසු අවම මට්ටමට ළඟාවෙයි
Local
30 June 2026
අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් නඩු මගට - බස් සංගම් කියයි
Local
30 June 2026
පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 514ක ආදායමක්
Local
30 June 2026
මදුරුවන් සිටිය හැකි ස්ථාන 85,000ක් පරීක්ෂාවට: 7,000ක මදුරු කීටයින්
Local
30 June 2026
යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් පත්කරයි
Local
30 June 2026