General13 May 2026

මැයි 18 ‘ජනසංහාර දිනයක්’ ලෙස නම් කරන්නැයි ගජේන්ද්‍රකුමාර් විජේගෙන් ඉල්ලයි

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වූ මැයි 18 වැනිදා ‘මුල්ලිවයික්කාල් ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නිල යෝජනාවක් සම්මත කරන ලෙස තමිල්නාඩුවේ අභිනව මහ ඇමති ලෙස පත්වූ ජෝසප් විජේගෙන් ඉල්ලා තිබෙනවා.

මහ ඇමති ජෝසප් විජේ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

එසේම ප්‍රාන්ත සභාවේ පළමු සැසිවාරයේදීම මෙම යෝජනාව ගෙන එන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

ජෝසප් විජේ මහ ඇමති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි ඔහු මෙම ලිපිය ඔහු යොමු කර තිබෙන්නේ.

එසේම ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ, 2013 වසරේදී ද තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවේ සිදුවීම් ‘ජනසංහාරයක්’ ලෙස හඳුන්වමින් යෝජනාවක් සම්මත කළ බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා රජය මෙම ‘ජනසංහාර’ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.

යුද අපරාධ ඔප්පු කිරීමට වඩා ‘ජනසංහාරය’ (Genocide) යන පදය නෛතිකව තහවුරු කිරීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බව ජාත්‍යන්තර නීති විශේෂඥයන් මතයයි.

කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති කාර්යාලය මෙන්ම තමිල්නාඩු රජය ද මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
Related recommendation
Hiru TV News | Programmes