චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයකට එක්ව සිටින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා.
ඒ බෙයිජිංහි මහජන මහා ශාලා පරිශ්‍රයේදී.
එහිදී දෙරටේ නායකයින් සිය අදහස් පළ කළා.
චීන-අමෙරිකානු ජනතාව ඉතා විශිෂ්ට බව ෂී ජින්පිං එහිදී පැවසුවා.
එමෙන්ම චීන ජාතියේ අභිමානවත් පුනරුදය සාක්ෂාත් කර ගැනීමට සහ ඇමරිකාව යළි විශිෂ්ටත්වයට පත් කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයටම එකිනෙකා වෙත සහාය විය හැකි බව පැවසූ ජනපතිවරයා,ඉන් ලෝකය වෙත සුබ සෙත සැලසීමට හැකි වනු ඇති බවත් සඳහන් කළා.
නව තත්වයන් යටතේ, චීන- අමෙරිකානු සබඳතාවන්හි සමස්ත ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තමා ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අවස්ථා කිහිපයකදීම මුණ ගැසීම් සහ දුරකථන සංවාද පවත්වා තිබෙන බව ෂී ජින් පිං පැවසුවා.
චීන-ඇමරිකානු සම්බන්ධතාවය වත්මන් ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බව දෙපාර්ශ්වයම පිළිගන්නක්. එමෙන්ම චීනයටත් ඇමරිකාවටත් සහයෝගීතාවයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි වුවත් ගැටුම්වලින් දෙපාර්ශ්වයටම අහිතකර විපාක අත්වනු ඇති බැවින් දෙරටම හවුල්කරුවන් ලෙස ක්‍රියා කළ යුතු යනුවෙනුයි ජනපතිවරයා පවසා සිටියේ.
චීන සංචාරයේදී ෂී ජින් පිං දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ට්‍රම්ප් මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කළා.
අද දිනය සුන්දර දිනයක් බවත්, එය වැදගත් සංචාරයක් බවත්, දෙපාර්ශ්වය අතර ධනාත්මක හා ඵලදායී සංවාදයක් පැවති බවත් ඔහු පැවසුවා.
අමෙරිකානු සහ චීන ජනතාව එකිනෙකා අගය කරන බවත් ගරු කරන බවත්, ඔවුන්ගේ මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඇමරිකානු-චීන සම්බන්ධතාවය ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවය බවත්,ලෝකයට වඩා යහපත් අනාගතයක් නිර්මාණය සඳහා දෙරට සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියා.

Latest News
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026