International23 May 2026

ඉරානය සුනුවිසුනු කරනවාද? එකඟතාවකට එනවාද? : ට්‍රම්ප් තවමත් 50/50 දෙගිඩියාවක!

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා තමන් අද (23) පස්වරුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් හමුවීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

'Axios' පුවත් සේවය වාර්තා කරන පරිදි, වොෂින්ටනය ඉරානය සමඟ එකඟතාවකට පැමිණෙන්නේද නැතහොත් "ඔවුන්ව සුනුවිසුනු කර දමන්නේද" යන්න පිළිබඳව තමන් තවමත් සියයට 50ක (50/50) දෙගිඩියාවකින් පසුවන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එහිදී ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ටෙහෙරානයට එක්කෝ "යහපත්" මට්ටමේ නව ගිවිසුමකට අත්සන් තැබීමට සිදුවන බවත්, නැතහොත් "ඔවුන් මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම ප්‍රහාරයට" මුහුණ දීමට සිදුවන බවයි.
Related recommendation
Hiru TV News | Programmes