කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනා ගැනීම සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර (Mammography Machines) 05 ක් දිවයිනේ ප්‍රධාන රෝහල් 05 ක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් විධිමත් හා වඩා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 ක් වන අතර උපකරණවල සමස්ත මුළු වටිනාකම රුපියල් මිලියන 765 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් පහේ රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම නව මැමෝග්‍රැෆි යන්ත්‍ර ලබාදීමට නියමිතව තිබෙනවා.
මීට අමතරව, පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් දෙක සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.
දැනට ගාල්ල කරාපිටිය ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, පොළොන්නරුව මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, කල්මුණේ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වල මැමෝග්‍රැෆි යන්ත්‍ර 16 ක් සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම නව යන්ත්‍ර ද එක්වීමත් සමඟ මෙරට සක්‍රීය මැමෝග්‍රැෆි යන්ත්‍ර සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනු ඇති.
Latest News
ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට
Local
16 July 2026
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026