General01 June 2026

දකුණු කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අල්ලයි

කළුතර දකුණ - වෙට්ටුමකඩ මුස්ලිම් පල්ලිය පාරේදී පසුගිය (28) වැනිදා පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින්.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ාවුරුදු 35ක් වයසැති "ඉම්රාන්" නම් පුද්ගලයෙක්.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍යද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කළ මෙම පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ටී 56 ගිනි අවියක් වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇති අතර, එහිදී වෙඩි ප්‍රහාර 04ක් එල්ල කර තිබුණා.

හජ් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානයට ගොස් යළි පැමිණෙමින් සිටියදී පෙරවරු 8.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

තුවාල ලැබූ පුද්ගලයා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබූ අතර, ඔහු කළුතර - දකුණ මරික්කාර් වීථියේ පදිංචි 38 හැවිරිදි අයෙක්.

මෙම සිද්ධිය අසළ තිබූ සී සී ටීවි කැමරාවක ද සටහන්ව තිබුණා.

එහි දැක්වෙන්නේ අදාළ පුද්ගලයා ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණෙන විට වෙඩික්කරුවන්, මෝටර් රථයෙන් මග හරස්කර එම මෝටර් රථය තුළ සිටම වෙඩි තබන ආකාරයයි.

කිසියම් අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මියගිය පුද්ගලයා ගව ඝාතකාගාරවලට ගවයින් සපයන අයෙකු බවට ද තොරතුරු ලැබී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes