General02 June 2026

වෙසක් සිරි නරඹන්නන්ට මහ සද්දෙන් පීඩා කළ යතුරුපැදිකරුවන් 10ක් කොටු

වෙසක් සිරි නරඹමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් ඝෝෂාකාරී අධික ශබ්ද නගමින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් දස දෙනෙක් සමඟ යතුරුපැදි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරනවා.

පොලිස් භාරයට ගත් ඇතැම් යතුරු පැදිවල සයිලන්සර් කපා සහ වෙනස්කර සාමාන්‍ය ක්‍රමවේදය උල්ලංඝනය කර විවිධ කොටස් එක්කර කන් බිහිරි කරවන අන්දමේ ශබ්ද නිකුත් කිරීමට කටයුතු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් තරුණයන් පිරිස එම යතුරු පැදි සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් ඇපමත මුදා හැරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.

අදාල යතුරුපැදි මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් ඇති චෝදනා පත්‍රයක් සකස්කර අදාල යතුරු පැදිවල හිමිකරුවන් සමඟ අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් තරුණයන් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes