General04 June 2026

අවුරුදු පහට අඩු දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

මෙම මාසයට යෙදෙන ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට දහසයයි දශම එකක් අඩු බරින් සහ සියයට බින්දුවයි දශම පහයි හතක් අධි බරින්ද යුක්ත බවයි.
Related recommendation
Hiru TV News | Programmes