මරදාන සිට අළුත්ගම බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක, වාද්දුව පල්ලියමංකඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය ගාලු පාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන් කරමින් තිබී ඇති බවද පොලිසිය සඳහන් කරනවා.
මෙම අනතුරෙන් ලොරි රථයේ රියැදුරු සුළු තුවාල ලබා ඇති අතර, ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිසිය පවසනවා.
ප්‍රදේශවාසීන් පවසන පරිදි අනතුර සිදුවූ මෙම දුම්රිය හරස් මාර්ගය කිසිදු වර්ණ සංඥා පද්ධතියකින් හෝ ගේට්ටුවකින් ආරක්ෂා කර නොමැති අතර, එය දිනපතා වාහන සහ ජනතාව ගමන් ගන්නා ඉතා කාර්යබහුල ස්ථානයක්.
එමෙන්ම, මෙම ස්ථානයේ දුම්රිය මාර්ගය පැහැදිලිව නොපෙනෙන සේ අවට ඉදිකිරීම් රැසක් පවතින බවත්, මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් දැනුවත් කළ ද ඔවුන් ඒ කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවත් ජනතාව දැඩි කනස්සල්ලෙන් යුතුව කියා සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Latest News
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා
Local
04 June 2026
නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය දින 3කට සීමාකරයි
Local
04 June 2026
"අපි බේරගත්ත අම්මා කෙනෙක් මාලයට තිබුණු ආසාවට ආයෙමත් ගින්නට දිව්වා. එයත් ඉවරයි” - බටගොඩ මාපිය සෙවණේ ගින්නේ නෑසුනු කතාවක්
Local
04 June 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79 කින් පහළට
Local
04 June 2026
සංස්කරණය කළ වීඩියෝවකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් රිමාන්ඩ්
Local
04 June 2026
ප්‍රදේශ රැසකට හෙටත් තද වැසි
Local
04 June 2026
වාද්දුවේදී ලොරියක් දුම්රියේ ගැටී ලොරි රියැදුරු රෝහලට
Local
04 June 2026
අවුරුදු පහට අඩු දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12ක් දක්වා ඉහළට - එහි අධ්යක්ෂවරයා අත්අඩංගුවට
Local
04 June 2026
තුන්පත් රෑනක් වගා ළිඳකට වැටෙයි
Local
04 June 2026