ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් පිළිබඳ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (04) දැනුම් දුන්නා.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස දැනුම් දුන්නේ, සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කළ මෝසමක් අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.
රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මගින් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එසේම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා රැදවුම් භාරයට පත්වීමෙන් පසු සංකාව, විශාදය යන රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසු පරිසරයක් ලබා දෙන ලෙසත් යන්නයි.
Latest News
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප
Local
04 June 2026
තෝමස් පිල පරදා ජෝසප් පිල ‘ලේඩි ජයතිලක පලිහ’ දිනා ගනී
Local
04 June 2026
සියවසකට වරක් දක්නට ලැබෙන ඉන්දුනීසියානු ගිරවා කඳුකර වනාන්තරයකින් මතු වෙයි
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ්
Local
04 June 2026
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනය ඩිජිටල්කරණය කෙරේ
Local
04 June 2026
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා
Local
04 June 2026
නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය දින 3කට සීමාකරයි
Local
04 June 2026
"අපි බේරගත්ත අම්මා කෙනෙක් මාලයට තිබුණු ආසාවට ආයෙමත් ගින්නට දිව්වා. එයත් ඉවරයි” - බටගොඩ මාපිය සෙවණේ ගින්නේ නෑසුනු කතාවක්
Local
04 June 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79 කින් පහළට
Local
04 June 2026
සංස්කරණය කළ වීඩියෝවකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් රිමාන්ඩ්
Local
04 June 2026