විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව හා අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින්, අසනීප නිවාඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) මහනුවර ප්රාදේශීකයට අයත් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරම අනාවරණය වී ඇත්තේ, තෙල්දෙණිය ලංගම ඩිපෝවේ සේවකයින් පිරිසක් ඉදිරිපත් කළ වෛද්‍ය සහතික පිළිබඳව ඇති වූ සැකයක් මත වන අතර, ඒ අනුව තෙල්දෙණිය ඩිපෝ කළමනාකාරවරයා විසින් එම වෛද්‍ය සහතිකවල සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කරමින් කළ විමසීමකදී මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.
එහිදී, අදාළ වෛද්‍ය සහතිකවල නම සඳහන් විශේෂඥ වෛද්‍යවරයා මහනුවර ජාතික රෝහලේ සැබවින්ම සේවය කරන අයෙකු වුවද, එහි ඇති අත්සන සහ නිල මුද්‍රාව එම වෛද්‍යවරයාගේ නොවන ව්‍යාජ ඒවා බව රෝහල් අධ්‍යක්ෂවරිය ඩිපෝ කළමනාකාරවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, අදාළ වෛද්‍ය සහතික අතර මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) සේවය කරන බව ඇඟවෙන වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ නමින් නිකුත් කළ සහතික ද තිබී ඇති අතර, එම නම්වලින් යුත් කිසිදු වෛද්‍යවරයෙකු මහනුවර ජාතික රෝහලේ සේවය නොකරන බව රෝහල් බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.
මෙම ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමේ ජාවාරම තෙල්දෙණිය ඩිපෝවට පමණක් සීමා වී නොමැති අතර, මහනුවර දකුණු ඩිපෝව ඇතුළු ප්‍රදේශයේ ඩිපෝ කිහිපයකින්ම මෙවැනි ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇති බව ලංගම මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ප්‍රසන්න දෙල්අංග සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් අභ්‍යන්තර විමර්ශනයක් අරඹා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත ද නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

Latest News
ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි
Local
05 June 2026
19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට
Local
04 June 2026
මහනුවර ලංගම සේවකයින්ගේ ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරමක් හෙළි වෙයි
Local
04 June 2026
නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට
Local
04 June 2026
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයට
Local
04 June 2026
යකඩ පටි සවිකල දොරවල් අගුළු දාලා - 12කට දිවි අහිමි කළ හොරණ වැඩිහිටි නිවාසය ලියාපදිංචි කරලත් නැහැ
Local
04 June 2026
මට අන්තිමට ඉතුරු වුණේ ඇදිවත විතරයි - සෙනෙහසේ කැදැල්ලේ දයාසීලි
Local
04 June 2026
අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 'P 628' වෙරළාරක්ෂක නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
Local
04 June 2026
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප
Local
04 June 2026
තෝමස් පිල පරදා ජෝසප් පිල ‘ලේඩි ජයතිලක පලිහ’ දිනා ගනී
Local
04 June 2026