ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ලෙබනනයේ නව සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊශ්‍රායලය ප්‍රකාශ කළේ තමන් එරටින් තම හමුදා ඉවත් කර නොගන්නා බවයි.
මේ හේතුවෙන්, ටෙහෙරානය (ඉරානය) සමග සාමය ඇති කර ගැනීම සඳහා ලෙබනනයේ පවතින සටන් නැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහයන්ට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වොෂින්ටනය සමග ඕනෑම සාම ගිවිසුමකට එළඹීම සඳහා ලෙබනනයේ සටන් විරාමයක් ඇති කිරීම ඉරානය කොන්දේසියක් කර ගෙන ඇති අතර, ඊශ්‍රායලය එහි ප්‍රහාර දිගටම කරගෙන ගියහොත් තමන්ට සෘජුවම මැදිහත් විය හැකි බව ද ඉරානය පසුගිය දිනවල ඉඟි කර තිබුණා.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ ලෙබනන් රජය අතර සටන් නැවැත්වීම සඳහා අමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇති කරගත් ගිවිසුම, හිස්බුල්ලා නායක නයිම් කාසෙම් (Naim Qassem) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිස්බුල්ලා සංවිධානය මෙම සාකච්ඡා සඳහා පාර්ශවකරුවෙකු වී නොතිබූ අතර, මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය, ලෙබනනය හෝ අමෙරිකාවෙන් මෙතෙක් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී නොමැත.
ඊශ්‍රායලය දකුණු ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) කියා සිටියේ, ඉරාන යුද්ධයට සමගාමීව පසුගිය මාර්තු මාසයේදී තමන් ආක්‍රමණය කළ එම ප්‍රදේශයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර නොගන්නා බවත්, එරට තුළ සිදුකරන මෙහෙයුම් අත්හිටුවන්නේ නැති බවත්.
1982 වසරේදී හිස්බුල්ලා සංවිධානය නිර්මාණය කිරීමට කටයුතු කළ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ 'කුද්ස්' (Quds) බලකායේ අණදෙන නිලධාරියා ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය අවම වශයෙන් මෙම යුද්ධය ආරම්භ වීමට පෙර පැවති ස්ථාන දක්වා හෝ පසුබැසිය යුතු බවයි.

Latest News
චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි
Local
05 June 2026
ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
Local
05 June 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය
Local
05 June 2026
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි
Local
05 June 2026
ගෑස් මිල ගැන තීන්දුව අද
Local
05 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මි. මී. 100 ඉක්මවූ තද වැසි
Local
05 June 2026
ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි
Local
05 June 2026
19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට
Local
04 June 2026
මහනුවර ලංගම සේවකයින්ගේ ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරමක් හෙළි වෙයි
Local
04 June 2026
නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට
Local
04 June 2026