General05 June 2026

දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ

එවරස්ට් කන්දේ දින හයක් තිස්සේ සිරවී සිටි නේපාල ජාතික කඳු නැගීමේ මඟ පෙන්වන්නෙකු බේරා ගැනීමට කදු නගින්නන් පිරිසක් සමත් වී තිබෙනවා.

පසුගිය මස 29 වැනිදා සිය මෙලෙස අතුරුදහන් ව සිටියේ දාවා ෂර්පා නැමැති කදු නැගීමේ මඟ පෙන්වන්නෙක්.

ඔහු එවරස්ට් කන්දේ ”‍මරණ කලාපය තුළ දින හයක් තිස්සේ සිරවී සිටි බව සදහන්.

ආහාර, ජලය හෝ අමතර ඔක්සිජන් නොමැතිව, මොහු ජීවත් වීම පුදුම සහගත බවයි වෛද්‍යවරුන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes