International06 June 2026

ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේදී 'ලුෆ්තන්සා' සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් ගේට්ටුවක් අසල නවතා තිබියදී එහි ඉදිරිපස රෝද අනපේක්ෂිත ලෙස කඩා වැටීම හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුර සිදුවන විට මගීන් ගුවන් යානයට ගොඩවී නොසිටි නමුත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ගුවන් තොටුපළ භූමි කාර්ය මණ්ඩලය යානය තුළ සිටි බවයි.

අදාළ ගුවන් යානය ලොස් ඇන්ජලීස් බලා පිටත් වීමට නියමිතව තිබූ අතර, සිදුවීම සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බව ලුෆ්තන්සා සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes