නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා සහ නිලධාරීන් සේප්පුවේ මුදල් සහ මුදල් පොත් පරීක්ෂා කිරීමට වැලිකඩ පොලිසිය වෙත පැමිණෙන අවස්ථාවේදී සේප්පුවේ යතුරත් රැගෙන පොලිස් ස්ථානයෙන් පලාගිය පොලිස් සැරයන්වරයාගේ රාජකාරී තහනමට ලක්කළ බව පොලිස් මුලස්ථානය පවසනවා.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ වැලිකඩ පොලිසියේ පාලන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ බව සඳහන්.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ නියෝග පරිදි නුගේගොඩ කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා සහ එම කාර්යාගේ නිලධාරීන් ඉකුත් 03 වැනිදා වැලිකඩ පොලිසියේ මුදල් පොත් පරීක්ෂා කිරීමට පැමිණෙන බව දැන දැනම මුදල් සේප්පුවේ යතුරද රැගෙන ඔහු අවසරයකින් තොරව පිටව ගොස් තිබු බව වාර්තා වනවා.
අනතුරුව සැරයන්වරයා පසුදින පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර පොලිස් නිලධාරීන්ගේ රුපියල් 161.245ක ත්‍යාග මුදල මුදල් සේප්පුවේ නොමැතිව වෙනත් කාමරයක අල්මාරියක තබා තිබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
සැරයන්වරයා විසින් සේප්පුවේ බහා තැබිය යුතු රජයේ මුදල් අවසරයකින් තොරව වෙන ස්ථානයක තැබීම සම්බන්ධයෙන් සහ විමර්ශන අතරතුර නොදන්වා පොලිස් ස්ථානයෙන් පිටව යාම නිසා එම වැඩ තහනම සහකාර පොලිස් අධිකාරී (03) බි. එල්. ඒ. ප්‍රසන්න විසින් සිදුකළ බවද පොලිස් මුලස්ථානය සඳහන් කළා.

Latest News
"සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක!": රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026
මැදපෙරදිග අර්බුදය නිසා ලාංකිකයින් ලක්ෂ 13ක් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක්
Local
06 June 2026