General06 June 2026

වැඩි මිලට පොහොර විකිණූ වෙළෙඳසලකට දඩ

පොහොර මිල වෙනස් කර වැඩි මිලට අලෙවි කළ මාතර ප්‍රදේශයේ වෙළෙඳසලකට රුපියල් 10,000 ක දඩයක් සහ එහි හිමිකරුට මාසයක අත්හිටවූ සිර දඬුවම් නියම කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

උපරිම සිල්ලර මිල වෙනස් කරමින් පොහොර අලෙවි කරන බවට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම වෙළෙඳසල වටලා තිබුණා.

එහිදී සොයාගත් පාලන මිල වෙනස් කළ යූරියා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටි 179 ක් ද රාජසන්තක කිරීමට ද අධිකරණය විසින් නියෝග කළා.

මීට අමතරව මිල වෙනස් කර, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අදාළ පොහොර සමාගමට ද රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes